Friday, October 28, 2016

ඵලදායිතා සංකල්පය පිළිබද කාර්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන

ඵලදායිතා සංකල්පය පිළිබද කාර්‍යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2016.10.27 වන දින පොල්ගහවෙල ප්‍රාදේශීය සභා කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී ශේෂාන් සමරසිංහ මහතා විසින් සිදුකරන ලදී. මේ සදහා කාර්‍යාලයේ කාර්‍යමණ්ඩලය සහභාගී විය. මෙහි දෙවන අදියර 2016.11.03 දින මෙම කාර්‍යාලයේදී සිදුකිරීමට නියමිතය. 





Wednesday, October 19, 2016

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්‍රඥප්තිය එළිදැක්වීමේ වැඩසටහන හා 2017 වර්ෂය අයවැය සදහා ප්‍රජාවගේ යෝජනා ලබාගැනීම


පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්‍රඥප්තිය එළිදැක්වීමේ වැඩසටහන හා 2017 වර්ෂය  අයවැය සදහා ප්‍රජාවගේ යෝජනා ලබාගැනීම 2016.10.18 දින පොල්ගහවෙල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය. 

වයඹ පළාත් සූවිසිපත්තුවේ උප ප්‍රධාන සංඝනායක පොලොන්නරුවේ ශ්‍රී සද්ධානන්ද ස්වාමීන්වහන්සේ ගේ වැඩමවීමෙන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමයේ ව්‍යාපෘති කළමනාකාතුමා, වයඹ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හා බල ප්‍රදේශයේ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.




Wednesday, October 12, 2016

ඩෙංගු වලින් තොර හොදම පාසල් පරිශ්‍රය තේරීමේ තරඟය


ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණු සහිතව පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු වලින් තොර හොදම පාසල් පරිශ්‍රය තේරීමේ තරඟයේ විනිශ්චය කටයුතු පසුගිය දින වල පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා ප්‍රාදේශීය සභාවේ ජල හා සනීපාරක්ෂක නිලධාරී විසින් සිදුකරන ලදී.


විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන


සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් ප්‍රකාශයට පත්කල 2016.09.27 දින සිට 2016.10.03 දක්වා ක්‍රියාත්මක ජාතික මදුරු මර්දන සතියේ වැඩසටහනක් ලෙස පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව මගින් පොල්ගහවෙල හා වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල නිවාස හා අනෙකුත් පරිශ්‍ර පරීක්ෂා කිරීම් 2016.09.28, 29, 30 හා 2016.10.01 දින වලදී  ක්‍රියාත්මක විය.



Saturday, September 24, 2016

ඝන අපද්‍රව්‍ය කළමණාකරණය පුහුණුව

2015.04.05 සෞඛ්‍ය කම්කරු මහතුන් සඳහා විශේෂ පුහුණු වැඩසටහක් පවත්වන ලදී.

2016 වැඩ සටහන්
  • එහිදී ඝන අපද්‍රව්‍ය හඳුනා ගැනීම, ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය හා ප්‍රතිචක්‍රීකරණ පිළිබඳව විශේෂ දේශන පවත්වන ලදී.