අපගේ දැක්ම
“සපිරි ග්‍රාම රාජ්‍යයක්”
අපගේ මෙහෙවර ප්‍රකාශය
“පොල්ගහවෙල
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවා,
පොදු මංමාවත්, සුඛ විහරණය, පහසුව, සුවපහසුව හා
සුභසාධනය ප්‍රවර්ධන
කිරීම
තුලින් යහ පාලනයක් සහිත තිරසාර සංවර්ධනයක් උදාකිරීම”
நோக்கு
“நிறைவான
கிராமஇராச்சியம்”
கூற்று
“பொல்கஹவெல பிதேச சபை அதிகாரப் பிரதேசத்தினுள்
பொது சுகாதாரம்,பொது பயன்பாட்டு சேவை, பொது ஒழுங்கைகள், மேலான வசதிகள் அடங்கிய
நலன்புரியினை மேம்படுத்தலினால் நல்லாட்சியுடனான உறுதியான அபிவிருத்தியினை ஏற்படுத்தல். ”
Vision
“Superior rural kingdom”
Mission
“Our Mission Is to achieve Good Governance With Sustainable development in
the electorate of
Polgahawela Pradeshiya sabha Through
Developing and supplying public health,Common Utilities,
Common streets, Well-being, eassness, Comfort
and Welfare. ”
අප බල ප්‍රදේශය ගැන කෙටියෙන්..
වර්ග කිලෝමීටර් 222.84 යුක්තව පොල්ගහවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කුරුණෑගල, රඹුක්කන, වාරියපොල, අලව්ව, නාරම්මල යන ප්‍රාදේශීය සභා වන්ට සීමාව පිහිටා ඇත. වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොටඨාසය හා පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස බල ප්‍රදේශයට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක් අයත්වේ. බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරී කොට්ඨාශ ගණන 122 කි. බල ප්‍රදේශයේ ජනගහනය 1010000 ඉක්මවා ඇති අතර සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් යන විවිධ ජාතීන් අප බල ප්‍රදේශයේ ජීවත්වන අතර 82% වැඩි ප්‍රතිශතයක් සිංහල බෞද්ධ ජනතාව වේ.
පොල්ගහවෙල ප්‍රාදේශීය
සභා බල ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය ජීවන වෘත්තිය ලෙස තෝරාගෙන
ඇති අතර වී ගොවිතැන ප්‍රධාන වේ. එම වගාවන්ට අමතරව අන්නාසි, කජු, කෙසෙල්, රඹුටන්,
ගම්මිරිස්, රබර්, පොල් වගාවන්ද සාර්ථකව සිදු කරයි
ප්‍රාදේශීය සභාව
නියෝජනය කරන සභික සංඛ්‍යාව 22 වන අතර වීරඹුගෙදර, පොතුහැර, හතලිස්පහුව යන ස්ථාන වල
උප කාර්යාල පිහිටුවා ඇති අතර පොල්ගහවෙල නගරය කේන්ද්‍රය කර ගනිමින් ප්‍රධාන
කාර්යාලය පිහිටා ඇත. බල ප්‍රදේශය පුරා ක්‍රියාත්මක පුස්තකාල සංඛ්‍යාව 06 වන අංග
සම්පූර්ණ ළමා උද්‍යාන 03 පොල්ගහවෙල, පොතුහැර හා වීරඹුගෙදර යන නගර ආශ්‍රිතව ක්‍රියාත්මකව පවතී. බල
ප්‍රදේශයේ ප්‍රජාවට සේවා සපයමින් ආදාහනාගාරයක් හා ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානයක්,
කුට්ටිගල් නිෂ්පාදන ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මකව පවතී.
No comments:
Post a Comment